Kitchen
බිම්මල් ස්ටූ
බිම්මල් කියන්නේ රස වගේම ගුණදායක ආහාරයක්. අපේ මව්වරු බොහෝවිට පුරුදුවෙලා
ඉන්නේ බිම්මල් තෙල්දැමීමට හෝ ව්‍යාංජනයක් ලෙස පිළියෙල කරන්නයි. අද රසඳුන
කෑම විශේෂාංගයෙන් ඔබට බිම්මල් වලින් රසවත් ස්ටූ එකක් පිළියෙල කරගන්නට
අවශ්‍ය වට්ටෝරුව ඉදිරිපත් කරනවා.
අවශ්‍ය ද්‍රව්‍ය-
බිම්මල් 500 g
අර්තාපල් අල 150 g
කැරට් 100 g
මාළු මිරිස් 50 g
අමු මිරිස් කරල් 02
තක්කාලි ගෙඩි 01
විනාකිරි මේස හැඳි 02
ගම්මිරිස් මේස හැඳි 02
ලොකු ලූනු ගෙඩි 02
අමු තුන පහ මේස හැඳි 01
පොල්කිරි (දිය කිරි) 250 ml
පොල්කිරි (මිටි කිරි) 125 ml
අබ මේස හැඳි 1/4
සුදු ලූනු බික් 3 ක්
කහ ස්වල්පයක්
රම්පේ සහ කරපිංචා ස්වල්පයක්
තෙල් ස්වල්පයක්
සාදා ගන්නේ මෙහෙමයි
මුලින්ම
ඔබ තෝරාගත් බිම්මල් තරමක් මහතට ( ලොකුවට) කඩා හොඳින් සෝදා වතුර ඉවත් වන
තුරු මිරිකා ගන්න. කැරට්, අර්තාපල් අල පොතු ඉවත්කර හොඳින් සෝදා දිග් අතට
කෑලි කපා ගන්න. ලොකු ලූනු සහ තක්කාලි සෝදා රවුම් අතට කපාගන්න.
දැන්
භාජනයක් ළිප තබා එයට තෙල් ස්වල්පයක් දමා හොඳින් රත්වූවාට පසුව ලියාගත්
රම්පේ, කරපිංචා, සුදු ලූනු තෙලට දමා සුවඳ එන තුරු බැද ගන්න.
ඉන්පසු මෙයට කපාගත් අල සහ කැරට් සමඟ සියලුම කුළුබඩු ටික දමන්න.මෙයටම විනාකිරි සහ ලුණු දමා දියකිරි ටික ඊට එක්කොට හොඳින් තම්බාගන්න.
තැම්බුනාට පසුව බිම්මල්, ලූනු, මාළු මිරිස්, අමුමිරිස් සහ තක්කාලි දමා මිටිකිරි ටිකද දමා සුළු වේලාවක් පිස ගන්න.
ළිපෙන් බා උණු උණුවේම කෑම මේසයට යවන්න.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks